දේශීය

දයාසිරි නිදහස් පක්ෂයෙන් දොට්ට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයෙන් දයාසිරි ජයසේකර මහතා ඉවත්කර ඔහුගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට ග්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා.

දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා සඳහන් කළේ, ඊයේ (05) රාත්‍රියේ එම ඉවත් කිරීමට අදාළ ලිපිය තමාට ලැබුණු බවයි.

දයාසිරි ජයසේකර මහතාට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වෙන බව අදාළ ලිපියේ වැඩිදුරටත් සඳහන්.

නිදහස් පක්ෂ සභාපති, මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මෙම ලිපිය මඟින් පෙන්වා දී ඇත්තේ ඉදිරි දින 14 ඇතුළත විනය කඩකිරීම සම්බන්ධයෙන් වන චෝදනා පත්‍රය දයාසිරි ජයසේකර මහතා වෙත එවීමට කටයුතු කරන  බවයි.

මේ අතර අද (06) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහ ලේකම්වරයා ලෙස එම පක්ෂයේ වැඩබලන ලේකම්වරයා ලෙස කටයුතු කළ සරත් ඒකනායක මහතා පත් කර තිබෙනවා .

එසේම,  කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලය අගුළු දමා වසා ඇති බව අද උදෑසන වාර්තා වුණා.

මේ හේතුවෙන් එම කාර්යාලයේ සේවය කරන සේවකයන් ප්‍රධාන දොරටුව අසල රැඳී සිටින ආකාරයද දකින්නට ලැබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button