අවාරයේ සිරිපා කරුණා කිරීම විදේශිකයන්ට පමණයි

අවාරයේ ශ්‍රී පාදය කරුණා කිරීමට විදේශිකයන්ට පමණක් අවසර දීමටත් දේශිය සංචාරකයන් හෝ වෙනත් පුද්ගලයන් කිසිවකුටත් අවාරයේ කිසිදු මාර්ගයක් ඔස්සේ ශ්‍රි පාදස්ථානය කරුණා කිරිමට අවසර ලබා නොදෙන බව ශ්‍රි පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන් පවසනවා.
ශ්‍රි පාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන් ඒ බව කියා සිටියේ නල්ලතන්නිය ග්‍රාමසේවා කාර්යාලයේ පැවති දැනුවත් කිරිමේ සාකච්ඡාවකට එක්වෙමින්.
එහිදී ධම්මදින්න නාහිමියන් 2023-2024 වර්ෂය සදහා ශ්‍රි පාද වන්දනා වාරය මේ මස (24) දිනයෙන් අවසන් කිරිම සම්බන්ධයෙන් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නිලධාරින් දැනුවත් කර තිබෙනවා.
බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන් පවසන්නේ, අවාරයේ ශ්‍රි පාදයේ සංචාරය සදහා පැමිණෙන දේශිය සංචාරකයන් ශ්‍රි පාද පුදබිම සහ පරිසරයට විශාල ලෙස හානි සිදු කරන නිසා අවාරයේ ශ්‍රි පාදස්ථානය සංචාරය කිරිමට අවසර ලබා නොදිමට තිරණය කළ බවයි.
අවාරයේ ශ්‍රි පාදය සංචාරය සදහා සියළුම මාර්ග ඔස්සේ පැමිණෙන දේශිය සංචාරකයන්ට අවසර ලබා නොදෙන ලෙසට දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් සහ නල්ලතන්නිය පොලිසියෙන් ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් ඉල්ලිමක්ද සිදු කර තිබෙනවා.