දේශීය

හෙදියකට හිංසා කළ SIගේ වැඩ තහනම්

සේවය අවසන් කර සිය නිවස වෙත යමින් සිටි පුහුණු හෙද නිලධාරිනියක බස් රථයක් තුළදී හිංසනයට ලක් කළ බවට චෝදනා එල්ලවූ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා වැඩ තහනමකට ලක්කර තිබෙනවා.

කළුතර ප්‍රදේශය භාර උසස් පොලිස් නිළධාරීයෙක් සඳහන් කළේ, විමර්ශන අවසන් වන තෙක් ඔහු මෙලෙස වැඩ තහනමකට ලක් කළ බවයි.

මෙලෙස වැඩ තහනමට ලක් වුණේ, දොඩංගොඩ පොලිස් ස්ථානයට අනුයුක්තව විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති ලෙසින් රාජකාරි කල 54 හැවිරිදි නිලධාරියෙකුයි.

චෝදනා ලැබ සිටින ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර තිබෙනවා.

ඉකුත් 27 වනදා මගී බස් රථයක ගමන් කරමින් සිටියදී මෙම හෙද නිධාරීණිය මෙලස හිංසනයට ලක්ව තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button