දේශීය
අද බස් රථ සහ දුම්රිය ගමන් වාර කිහිපයක්

අද (12) දිනයේ ඇඳිරිනීතිය පැය 7ක කාලයක් සඳහා ඉවත්වීම හේතුවෙන් දුම්රිය ගමන් වාර කිහිපයක් ධාවනය කරවීමට සැලසුම් කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසා ඇත.
ඒ අනුව, දකුණු කළුතර සිට වේයන්ගොඩ දක්වා පමණක් දුම්රිය වාර කිහිපයක් මෙලෙස ධාවනය කරවීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.
මේ අතර කෙටි දුර ගමන් සේවා බස් රථ පමණක් ඇදිරි නීතිය ඉවත් කරන කාලය තුළ ධාවනය කරවීමට බලාපොරොත්තු වන බව ලංකා පෞද්ලික බස් හිමියන්ගේ සංගමය පවසයි.
එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සදහන් කළේ බස් රථ කිහිපයක් පමණක් එහිදි ධාවනය කරවීමට සැලසුම් කර ඇති බවය.