ධීවරයින් හත් දෙනෙකුට නියමවූ මරණ දඬුවම

ධීවර යාත්‍රාවක් පැහැරගෙන ධීවරයින් තිදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ධීවරයින් හත්දෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කර තිබෙනවා.
2012. දෙසැම්බර් මස 15 දින හෝ ඊට ආසන්න දිනයකදී නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකා මුහුදු තීරයේ ධීවර රැකියාවක නිරත වූ පුද්ගලයින් රැගත් ‘තේජාන්’ නැමති ධීවර යාත්‍රාව පැහැරගෙන එහි සිටි ධීවරයින් තිදෙනෙකු ඝාතනය කර තවත් ධීවරයින් කිහිපදෙනෙකුට බරපතළ තුවාල සිදුකර බෝට්ටුව පැහැරගෙන ඔස්ට්‍රේලියාවට යෑම ඇතුළු චෝදනාවලට වරදකරුවන්වූ ධීවරයින් 7 දෙනෙකුට අද (24) කොළඹ මහාධිකරණ විනිසුරු අධිත්‍ය පටබැඳිගේ මහතා විසින් අදාළ නියෝගය නිකුත් කළා.
එම නඩුවේ 10 වන විත්තිකාරිය ලෙස නම් කර තිබු විත්තිකාරිය සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමටද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර තිබෙනවා.
මරණීය දණ්ඩනය නියම කළ අධි චෝදනා තුනට අමතරව සෙසු අධි චෝදනා 6ට එම විත්තිකරවන්ට බරපතළ වැඩ සහිත වසර 29ක සිරදඬුවම්ද නියම කළ විනිසුරුවරයා රුපියල් මිලියන 2යි රු 8500 බැගින් වූ දඩයක් ගෙවීමටද නියම කළා.
විනිසුරුවරයා එහිදී නියම කළේ, මරණ දණ්ඩනයට අමතරව නියම කරනු ලැබූ සිරදඬුවම් එකවර ගෙවී යන ලෙසටයි.
නීතිපතිවරයා විසින් එම සිද්ධිය සම්බන්ධයෙන් විත්තිකරුවන් 11 දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණා.
ඉන් විත්තිකරුවන් තිදෙනෙක් නඩු විභාගය අතරතුර හෝ නඩු විභාගය ආරම්භ කිරීමට පෙර මියගොස් තිබීම නිසා අධිකරණය හමුවේ නඩු කටයුතු මෙහෙයවනු ලැබුවේ විත්තිකරුවන් 8 දෙනෙකුට එරෙහිව බවද වාර්තා වුණා.