දේශීය

ඩොලර් වලට ගෙවල් විකිණීම තවත් පුලුල් කරයි

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් සදහා නාගරික සංවර්ධන අධිකාරියේ මධ්‍යම පාන්තික නිවාස ඩොලර් වලට අලෙවි කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රවර්ධන කටයුතු ජාත්‍යන්තර මට්ටමින් ඇරඹූ බව අමාත්‍යාංශය පවසනවා.

ශ්‍රී ලාංකිකයන් වැඩි වශයෙන් සිටින රටවල් ආශ්‍රිතව වැඩි වශයෙන් සිටින රටවල පැවැත්වෙන නිදහස් උත්සව සහ සමුළු සදහා මෙම ප්‍රවර්ධන වැඩසටහන හදුන්වාදීමට කටයුතු කරමින් සිටින බව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළා.

එහි පළමු පියවර ලෙස නිදහස් දිනයට සමගාමීව ඩුබායි හි පැවැත්වෙන ශ්‍රී ලංකා දින සැමරුම් උත්සවයේ දී  මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත බව අමාත්‍යාංශය පවසනවා .

ශ්‍රී ලංකාවේ නිදහස් දිනයට සමගාමීව ඩුබායි ශ්‍රී ලංකා දින සැමරුම  පෙබරවාරි 11 වනදා ඩුබායි හී සබ්බ්‍රීල් හිදී පැවැත්වෙන අතර ඊට ඩුබායි සහ මැදපෙරදිග රටවල වෙසෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 20,000 කට අධික පිරිසක් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. 

නාගරික සංවර්ධන අධිකාරියේ මධ්‍යම පාන්තික නිවාස ඩොලර් වලට අලෙවි කිරිමේ වැඩපිළිවෙල යටතේ මේ වනවිට ඇමරිකානු ඩොලර් ලක්ෂ 5 කට වැඩි ආදායමක් උපයාගෙන තිබෙනවා . එලෙස උපයාගෙන ඇති මුදල ඩොලර් 502,170.93 ක්. එය මෙරට මුදලින් රුපියල් මිලියන 181.2 ක්. පසුගිය වසරේ ඩොලර් වලින් නිවාස අලෙවි කොට ලබා ගැනීමට අපේක්ෂා කළ ආදායම ඩොලර් ලක්ෂ 05 ක්.

නාගරික සංවර්ධන අධිකාරියේ නිල වෙබ් අඩවිය වන www.uda.gov.lk පිවිසීමෙන් මේ සම්බන්ධ වැඩි විස්තර හා අවශ්‍ය අයඳුම් පත්‍ර ලබාගැනීමට හැකි බව නාගරික සංවර්ධන අධිකාරිය පවසනවා .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button