දේශීය

අදත් ක්‍රිකට් ආයතනයට ආරක්ෂාව

ශ්‍රී ලංකා කණ්ඩායම ලැබු පරාජයත් සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව සහ ආයතනයේ පරිපාලකයින් වහාම ඉල්ලා අස්විය යුතු බව දේශපාලඥයින්, සිවිල් ක්‍රියාකාරින් මෙන්ම ක්‍රීඩාලෝලින්ද පවසනවා.

එවන් වටපිටාවක් තුළ දක්නට ලැබෙන්නේ, ඊයේ (03) සිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙන ආකාරයයි.

එමෙන්ම අද දිනයේත් පාර්ශව කිහිපයක් විසින් විරෝධතා සංවිධානය කර ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා කණ්ඩායම ඉකුත් පෙරේදා ලද අන්ත පරාජයත් සමඟ වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලකයින්ට සහ තේරීම් කමිටුවට සමාජ මාධ්‍ය තුළින්ද දැඩි විවේචන එල්ලවී තිබෙනවා.

එහිදි ක්‍රීඩාලෝලීන් සමාජ මාධ්‍ය ඔස්සේ GoHomeSLCBoard ලෙස මෙය වෙනුවෙන් හෑෂ් ටැග් ව්‍යාපාරයක්ද නිර්මාණය කරමින් පවසන්නේ වත්මන් ක්‍රිකට් පරිපාලකයින් සහ තේරීම් කමිටුව වහාම සිය ධුරවලින් ඉල්ලා අස්විය යුතු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button