දේශීය

අනුර සමඟ නීතිමය සටනකට සූදානම් – සාගර කාරියවසම්

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සමඟ නීතිමය සටනකට එළඹීමට  තමා සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසනවා.

ජනතා විමුක්ති පෙරමුණ විදේශ රටක විදේශ මුදල් ගිණුමක් පවත්වාගෙන යන බවට එල්ල වූ චෝදනාවක් සම්බන්ධයෙන් සාගර කාරියවසම් මහතාට එරෙහිව නීතිමය පියවර ගත් බව අනුර කුමාර දිසානායක මහතා මීට පෙර අවස්ථාවක සඳහන් කර තිබුණා.

ඊට ප්‍රතිචාර දක්වමින් කාරියවසම් මහතා මාධ්‍ය වෙත පවසා ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ නායකයාට එරෙහිව තමාගේ නඩුව අධිකරණය හමුවට ඉදිරිපත් කරන බවයි.

අනුර කුමාර දිසානායක මහතා පසුගිය කාලයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින්ට එරෙහිව කළ අසත්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ ප්‍රශ්න කිරීමට තමා සූදානම් බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button