රුසියාව යුරෝපා කවුන්සලයෙන් ඉවතට

රුසියාව, යුරෝපා කවුන්සිලයෙන් නෙරපා හැරීමට යුරෝපා කවුන්සිලයේ පාර්ලිමේන්තු සභාවේදී තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
යුරෝපා කවුන්සිලයේ සාමාජිකත්වයෙන් රුසියාව
නෙරපා හැරීම සඳහා එහි පාර්ලිමේන්තු සභාවට ඉදිරිපත් වූ යෝජනාවට පක්ෂව සාමාජිකයන් 219 න් 216 ක ඡන්දය ප්‍රකාශ කර ඇති අතර සාමාජිකයන් 3 දෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියා.
රුසියාව – යුක්රේනයේ අඛණ්ඩව සිදුකරන යුද මෙහෙයුම් හේතුවෙන් මෙම යෝජනාව ගෙන ආ බව යුරෝපා කවුන්සිලය පවසනවා.
මේ පිළිබඳ ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් යුක්රේන විදේශ අමාත්‍ය දිමිත්‍රෝ කුලේබා පැවසුවේ මෙම ක්‍රියාමාර්ගය 2014 වසරේදී ගැනීමට තිබූ එකක් බවත් දැන් හෝ එම තීරණය ගැනීම පිළිබඳ තමන් සතුටු වන බවයි.
එමෙන්ම අඟහරුවාදා දින රුසියානු විදේශ අමාත්‍ය සර්ගෙයි ලැව්රොව් නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ රුසියාව යුරෝපා කවුන්සිලයෙන් ඉවත් වන බව තහවුරු කරනු ලැබුවා.
1949 යුරෝපා කවුන්සිලය පිහිටුවීමෙන් පසුව රටක් යුරෝපා කවුන්සිලයෙන් ඉවත් වන දෙවැනි අවස්ථාව මෙය වන අතර 1969 ග්‍රීසිය තාවකාලිකව ඉවත් වූණා.