විදෙස්
වැන්ගර් ප්‍රධානියාගේ මරණය රුසියාව තහවුරු කරයි

වැග්නර් කුලී හේවා බල ඇණියේ ප්‍රධානි, යෙව්ගනි ප්‍රිගොෂින් ගුවන් අනතුරකින් මියගිය බව, රුසියාව ඊයේ (27) තහවුරු කර තිබෙනවා.
මීට අමතරව, පසුගියදා සිදු වූ අනතුරින් නියොජ්‍ය ප්‍රධානියා වූ Dmitry Utkin ඇතුලු මගීන් 10 දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බව, නිල වශයෙන් ඔවුන් දැනුම් දුන්නා.
ඊයේ රුසියාව ඔහුගේ මරණය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත්තේ, ගුවන් අනතුරෙන් මියගිය අයගේ ජාන පරීක්ෂණ ප්‍රථිපල අනුවයි.
කෙසේ වෙතත්, මේ තත්වය තුළ ඔහුගේ මරණය යුක්‍රේනය සම්බන්ධ නැති බව යුක්‍රේන ජනාධිපති සදහන් කර තිබීම විශේෂත්වයක්.