දරුවන් අතර පාචනය පැතිරීමේ අවදානමක්

අලුත් අවුරුදු කාලයෙන් පසු කුඩා දරුවන් අතර පාචනය රෝගය ව්‍යාප්ත වීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.
ඔහු සඳහන් කළේ, උත්සව කාලයේ ගමන් බිමන් යෑමත් සමඟ මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර ගැනීම හේතුවෙන් මෙලෙස පාචනය රෝගය ව්‍යාප්ත වීමක් සිදුව ඇති බවයි.
වමනය, බඩඑළිය යෑම පාචනයේ රෝග ලක්ෂණ වන අතර, මෙම රෝග ලක්ෂණ තිබේ නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ගත යුතු බව ද ඒ මහතා ප්‍රකාශ කළා.
පාචනය රෝගය සඳහා විශේෂයෙන්ම බැදි හාල් කැඳ ආහාරයට දීම සුදුසු බවද වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.
වෛද්‍යවරයා පවසන්නේ, පාචනය රෝගයට අමතරව දරුවන්ගේ හතියද ඉහළ ගොස් ඇති අතර ඉන්ෆ්ලුවෙන්සා, වයිරස් උණ රෝගද මේ දිනවල දරුවන් අතර ව්‍යාප්තව ඇති බවයි.
දරුවන්ට මේ කුමන හෝ රෝග ලක්ෂණයක් තිබේ නම් ඔවුන් නිවෙසේ තබා විවේකය දීමට මවුපිය වැඩිහිටියන් කටයුතු කළ යුතු බවත්, ප්‍රතිකාර සඳහා දරුවන් යොමු කළ යුතු බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.