දේශීය
අධික උෂ්ණත්වයෙන් අක්ෂි ආබාධ ඇතිවීමේ අවදානමක්

පවතින අධික උෂ්ණත්වය හමුවේ හිරු එළියට නිරාවරණය වීමෙන් අක්ෂි ආබාධ ඇතිවිය හැකි බව අක්ෂි විශේෂඥ වෛද්‍යවරුන් පවසනවා.
කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය, අක්ෂි ශල්‍ය වෛද්‍ය විශේෂඥ මධුවන්ති දිසානායක මහත්මිය පැවසුවේ, හිරු එළිය සෘජුවම ඇසට පතිත වුවහොත් එහි සෛලවලට හානිවී ඇසේ පෙනීමට පවා බාධා ඇතිවිය හැකි බවයි.
එමෙන්ම පවතින තත්ත්වය යටතේ ඇසේ සුද නැමැති රෝග තත්ත්වයද ඉහළ යා හැකි බව වෛද්‍යවරිය සඳහන් කළා.
ප්‍රදේශ කිහිපයක, මිනිස් සිරුරට දැනෙන උණුසුම අද (09) දිනයේදීද අවදානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
වයඹ , දකුණු හා උතුරුමැද පළාත්වල මෙන්ම මොණරාගල , රත්නපුර , මන්නාරම , වව්නියා, මුලතිව් හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ප්‍රදේශ රැසක් ඒ අතරට ඇතුළත්.