දේශීය

විදුලි බිල නැවතත් වැඩි කිරීමේ සූදානමක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට අනුව මේ වසරේ සිව්වන වරටත් විදුල බිල වැඩිකිරීමට කටයුතු කරමින් සිටින බව විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමය පවසනවා.

එහි ජාතික ලේකම් සංජීව ධම්මික මහතා සඳහන් කළේ, මෙම යෝජනාවට අවසර ලබා නොදෙන ලෙස මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලා සිටින බවයි.

“IMF එක නැවත වරක් විදුලි බිල මේ වසරේ වැඩිකරන්න යෝජනා කරලා තියෙනවා ඊයේ දිනයේ. මේ තියෙන්නේ ඒ යෝජනාවලිය. ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත්තා ආණ්ඩුව වසරකට දෙවරක් තමයි විදුලිබිල වැඩිකරන්නේ කියලා. තුන්වෙනි වරත් වැඩිකරන්න හැදුවා ඒක අසාර්ථක වුණා. මේ වසරේ හතරවෙනි වතාවේ මේ විදුලි බිල වැඩිකරන්න උත්සාහ දරනවා. විදුලි බිල වැඩිකරන කොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි සැපිරීම සඳහා තමයි විදුලි ගාස්තුව 56%කින් වැඩිකරන්න හදන්නේ. මේ යෝජනාව මහජන උපයෝගීතා කොමිසමට ලැබෙනවා. අපි කියනවා මේක ප්‍රතික්ෂේප කරන්න කියලා. මේක පනතට පටහැනියි. විදුලි ගාස්තුව වැඩි වුණොත් මේ වසරේ 200%කින් විදුලි බිල වැඩිවෙනවා එහෙම වුණොත් මේ වසරේ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button