දේශීය

සාධාරණ විවේචන පිළිගන්න සුදානම් – අගමැති

කොවිඩ් වසංගතය හමුවේ රජයක් ලෙස පළමුව පියවර ගත්තේ ජනතාව ආරක්ෂා කිරීමට බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ කොවිඩ් වසංගතය හමුවේ කඩා වැටුණු ආර්ථිකය ගොඩනැගීමට පියවර ගනිමින් සිටින බවයි.

විරුද්ධ පක්ෂය ඉදිරිපත් කරන සාධනීය අදහස් වලට සවන් දෙන්න සුදානම් බවද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී කියා සිටියා.

අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ විවේචන සාවදානයෙන් අහන් ඉන්නවා වගේම සාධාරණ විවේචන පිළිගෙන ඒවා නිවැරදි කර ගැනීමට ඕනෑම අවස්ථාවක සුදානම් බවයි.

එමෙන්ම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කර සාකච්චාවට භාජනය කරන බවත්, ඒ පිළිබඳව රහසිගතව කිසිදු පියවරක් නොගන්නා බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button