දේශීය

අවශ්‍ය වුවහොත් ඕනෑම මොහොතක යළි සන්නද්ධ අරගලයකට සූදානම් – කේ.ඩී. ලාල්කාන්ත

සන්නද්ධ අරගලවලට සම්බන්ධවූ අයකු ලෙස අවශ්‍ය වුවහොත් ඕනෑම මොහොතක නැවත සන්නද්ධ අරගලයකට සම්බන්ධ වීමට තමන් සූදානම් බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා.

ඒ මහතා පවසන්නේ, බලය මාරු කිරීම සඳහා ඡන්ද බලය පාවිච්චි කිරීම පිළිබඳ ආසියාවේ අනෙකුත් රටවල ජනතාවට වඩා මෙරට ජනතාවට 1931 සිට අත්දැකීම් තිබෙන බවයි.

ලාල්කාන්ත මහතා මේ බව පැවසුවේ, ජාතික ජන බලවේගයේ සෙංකඩගල මැතිවරණ කොට්ඨාස සමුළුව පෙරේදා (05) පැවැති අවස්ථාවේ සභාව අමතමින්.

ඡන්ද බලයෙන් ආණ්ඩු වෙනස් කිරීමට අමතරව සන්නද්ධ අරගලවලින්ද ආණ්ඩු පෙරළීමට උත්සාහ කළ අවස්ථා මෙරට ඉතිහාසයේ දක්නට ලැබෙන බවද ඔහු අවධාරණය කළා.

හැත්තෑපස් වසරක ශාපයෙන් රට මුදාගෙන යහපත් රටක් ගොඩනැඟීම සඳහාවන අරමුණ ජය ගැනීමට නම් රාජ්‍ය බලය ලබාගත යුතුව තිබෙන බවත් ඒ සඳහා සියලු ජන කණ්ඩායම් පක්ෂය වටා ඒකරාශී කරගත යුතුව තිබෙන බවත් කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා.

ලාල්කාන්ත මහතා සඳහන් කර ඇත්තේ, පවතින තත්ත්වයෙන් රට මුදාගැනීම සඳහා හැකියාව ඇති එකම පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ බව වාසුදේව නානායක්කාර මහතා පවා පසුගියදා ප්‍රකාශ කර තිබෙන බවයි.

ලබන වසරේ අගෝස්තුවේදී ජනපතිවරණයක් පැවැත්වීමට නියමිතව තිබෙන බවත් එහිදී ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා ජයග්‍රහණය කරවීමට ජනතාව ඒකාරාශි වෙමින් තිබෙන බවත් පැවසූ ඒ මහතා විවිධත්වයෙන් යුත් සියලු කණ්ඩායම්වල සහාය එහිදී ලබා ගැනීම අතිශයින් වැදගත් බවද අවධාරණය කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button