දේශීය

HIV ආසාදිතයන්ගේ සීඝ්‍ර ඉහළ යෑමක්

මේ වසරේ ගතවු මාස කිහිපය තුළ HIV ආසාදිතයින් 485 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ජාතික ලිංගාශ්‍රිත රෝග HIV මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය සඳහන් කළේ, ආසාදිතයින් වාර්තා වීම පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ඉහළ යාමක් පෙන්නුම් කරන බවයි.

ඒ පිළිබඳව වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය දැක්වූ අදහස්,

“ලංකාවේ HIV තත්ත්වය ගත්තහම මේ වර්ෂයට 4,100ක් ඇස්තමේන්තු කරලා තියෙනවා. මේ අවුරුද්දේ ජනවාරි මස 1 වනදා ඉඳලා සැප්තැම්බර් මාසය අවසන් වෙනකල් නව HIV ආසාදිතයින් හමුවෙලා තියෙනවා 485ක්. මේක සාපේක්ෂව ගිය වසරත් එක්ක සලකා බලද්දි වැඩිවීමක් විදියට තමා අපි දකින්නේ. HIV පරීක්ෂාව වැඩිපුර රාජ්‍ය ආයතන සහ රාජ්‍ය නොවන ආයතන සමග එකතුවෙලා වැඩිපුර කරනවා. ඒ වගේම තමා මේ අතරින් 80%ක්ම වාර්තා වෙන්නේ පිරිමි අය අතරේ. අවුරුදු 15 – 49ත් අතර තමා වැඩිපුරම HIV ආසාදනය වැඩිවෙන්නේ.”

එමෙන්ම දෙසැම්බර් පළමු වැනි දිනට යෙදෙන ලෝක HIV දිනයට සමගාමීව HIV මර්දන වැඩසටහන විසින් ජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය සඳහන් කළා.

“වැඩිපුරම වැඩසටහන් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක ආශ්‍රිතව කරන්නේ, වැඩිපුරම අවදානම් කණ්ඩායම් එම ප්‍රදේශ දෙකේ ඉන්න නිසා. “ප්‍රජාව බලගන්නමු – ඒඩ්ස් වළකමු” කියන තේමාව යටතේ දෙන විශේෂම පණිවුඩය තමා, HIV පරීක්ෂාවක් කරගෙන තමන්ගේ තත්ත්වය හඳුනාගන්න. ජාතික ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස් මර්දන වැඩසටහනට අනුයුක්ත දිවයින පුරා තියෙන ජාතික ලිංගාශ්‍රිත රෝග සායන 40ක් තියෙනවා. Know4Sure කියන ඇප්එක පාවිච්චි කරලා ගෙදරටම HIV පරීක්ෂාවක් කරගන්න ගෙන්වා ගැනීමේ හැකියාවක් තියෙනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button