දේශීය
රනිල්ට යන්න වෙලා තියෙන්නේ හොරු රැලක් එක්ක – තිස්ස අත්තනායක

ජනාධිපති රනිල් වික්‍රමසිංහට රට සෑදීමට යාමට තිබෙන්නේ හොරු රැලක් සමග බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පවසනවා.
තිස්ස අත්තනායක මහතා පවසන්නේ, පොදුජන පෙරමුණේ පිරිස රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්වීම පිළිබදව ජනාධිපතිවරයා සිතන්නේ 77වර්ෂයේදී ජේ.ආර්.ළඟ සිටි අය ඔහු සමග සිටින බවටයි.
එදා රාජපක්ෂලාත් සමග ගිය අය අද රනිල් සමග රට සෑදීමට යන බව තිස්ස අත්තනායක මහතා වැඩිදුරටත් පැවසුවා.
එමෙන්ම මේ රට බංකොලොත් වී ඇත්තේ පොහොට්ටුවේ අය නිසා බවත් එවැනි පුද්ගලයින් සමග මේ රට ගොඩගැනීමට හැකිද බව ඔහු මෙහිදී ප්‍රශ්ණ කර සිටියා.