විදෙස්
ඉන්දීය ගුවන්තොටුපොළේ අහඹු කොවිඩ් පරීක්ෂණ අරඹයි.

ඉන්දියාවේ දැනට පැතිරී යන නව කොරෝනා උප ප්‍රභේදයේ අවධානම හේතුවෙන් ගුවන් තොටුපොළ දී විදේශිකයන් අහඹු කොරෝනා පරීක්ෂණවලට සිදු කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා.
චීනයේ සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින බී එෆ්. සෙවන් නැමැති ඔමික්‍රෝන් උප ප්‍රභේදය වැළඳුණු දෙදෙනෙක් ඉන්දියාවේ ගුජරාට් සහ ඔඩීෂා ප්‍රාන්තවලින් හමුවූ වාර්තා වුණා.
ජර්මනිය, බෙල්ජියම, ප්‍රංශය, ඩෙන්මාර්කය, ඇමරිකාව සහ බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ මෙම ප්‍රභේදය සීඝ්‍රයෙන් සම්ප්‍රේෂණය විය හැකි බවයි වාර්තා වන්නේ.