ලෝක ප්‍රකට බජාජ් මුදලාලී ජීවිතක්ෂයට

ලොව විශාලතම ත්‍රිරෝද රථ නිෂ්පාදකයා වන බජාජ් ඔටෝ සමාගමේ හිටපු සභාපති රාහුල් බජාජ් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
බජාජ් සමූහය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ වයස අවුරුදු 83ක්ව සිටි රාහුල් බජාජ් මහතා පූනේ නගරයේදී සිය පවුලේ සාමාජිකයන් සමීපයේ මියගොස් ඇති බවයි.
ඉන්දීය කර්මාන්ත ක්‍ෂේත්‍රයේ ප්‍රවීනයෙකු වන ඔහු බජාජ් සමූහය මෝටර් රථ කර්මාන්තයේ පමණක් නොව රක්ෂණ, ආයෝජන, පාරිභෝගික මූල්‍ය, ගෘහ උපකරණ, විදුලි පහන්, සුළං බලශක්ති, වානේ සහ සංචාරක ක්‍ෂේත්‍ර වෙත පුළුල් කිරීමට සමත්වුණා.
බජාජ් ස්කූටරය මධ්‍යම පාන්තික ඉන්දීය පවුල්වල අපේක්ෂා සහගත සංකේතයක් වූ අතර, බජාජ් ත්‍රිරෝද රථය ලොව විශාලතම නිෂ්පාදකයා බවට පත්වූයේ වාර්ෂිකව හත්ලක්ෂ 80,000කට වැඩි ත්‍රිරෝද රථ අලෙවි කරමින්.
රාහුල් බජාජ් 2005 වසරේදී සිය සමාගම් සමූහයේ කළමනාකාරීත්වය සිය පුතු රජීව් බජාජ් වෙත පැවරූ අතර, ඔහු දැන් එහි කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරනවා.