යුක්‍රේන ජාතිකයන් 500 ක් පූටින්ගේ ප්‍රාණ ඇපකරුවන්

ව්ලැඩිමීර් පුටින්ගේ හමුදා මරියුපෝල් හි රෝහලක් අල්ලාගෙන යුක්‍රේන ජාතිකයන් 500 ක් ප්‍රාණ ඇපකරුවන් ලෙස තබාගෙන ඔවුන් මිනිස් පළිහක් ලෙස යොදාගනිමින් දකුණු නගරයට දිගින් දිගටම ප්‍රහාර එල්ල කරමින් සිටින බව ඩේලි මේල් වාර්තා කර තිබෙනවා.
ප්‍රාදේශීය ආණ්ඩුකාර Pavlo Kyrylenko පවසා ඇත්තේ රුසියානු හමුදා ඒ වන විටත් එහි සිටි වෛද්‍යවරුන් සහ රෝගීන් 100 ක ප්‍රමාණයක් සහ වරාය රෝහලේ හාරසිය දෙනෙකු වටලා ඔවුන්ට පිටත්ව යාමට ඉඩ නොදෙමින් ප්‍රාණ ඇපයට ගෙන ඇති බවයි.
මේ අතර සාමන්‍ය වැසියන් 20,000 ක් පමණ මරියුපෝල් වෙතින් මානුෂිය කොරිඩෝවක් දිගේ Zaporizhzhhia වෙත පලා යමින් සිටින බව ඩේලිමේල් වාර්තාව පවසා තිබෙනවා.
මෝටර් රථ 4000 ක් පමණ මරියුපෝල් මාර්ගය ඔස්සේ පිටත්ව ගිය අතර ඇතැම් යුක්‍රේනුවන් රුසියානු හමුදා විසින් පිහිටුවනු ලැබූ මානුෂීය කොරිඩෝවක් හරහා රුසියාවේ රොස්තොව් වෙත පලා ගිය බව පැවසේ.
මාධ්‍ය වාර්තාව වැඩි දුරටත් ඡායාරූපයක් උපුටා දක්වමින් පෙන්වා දී ඇත්තේ නගරයේ අංක තුන රෝහලේ හද කම්පා කරවන ඡායාරූපයකින් දෙමව්පියන් නොමැතිව ඉතුරු වූ අලුත උපන් කුඩා නොමේරු දරුවන් දැක ගැනීමට හැකි වූ බවයි.