විදෙස්
ගාසා තීරයේ ප්‍රහාර නැවැත්වීමට බ්‍රිතාන්‍ය පුරා විරෝධතා

ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රහාර නවත්වන ලෙස ඉල්ලා බ්‍රිතාන්‍යයේ පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් ලන්ඩන් නුවර සහ රට පුරා විරෝධතා රැලි පැවැත්වූ බව බීබීසී පුවත් සේවය වාර්තා කරනවා.
පලස්තීන ජාතික ධජ සහ බැනර් අතැතිව පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් ලන්ඩන් නුවර මෙන්ම මැන්චෙස්ටර් ඇතුළු තවත් නගර ගණනාවක එවැනි විරෝධතා පවත්වා ඇති බවයි වැඩිදුරටත් වාර්තාවන්නේ.
මේ වන විට සති අන්ත තුනකදී එවැනි විරෝධතා රැලි පවත්වා ඇති අතර ඇතැම් බැනර් වෛරී ස්වභාවයෙන් සටහන් වීම හේතුවෙන් පුද්ගලයන් 9 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කරනවා.
එහිදී වැඩිදුරටත් වාර්තාවන්නේ, ලන්ඩන් නුවර විරෝධතා පාලනය කිරීමට මෙට්‍රොපොලිටන් පොලිස් නිලධාරීන් දහසකට වඩා යොදවා තිබූ බවයි.