තැපැල් සේවකයින් අද සංකේත වැඩ වර්ජනයක

මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයින් සංඛේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසුවේ, මහල් 8 කින් සමන්විත ගොඩනැගිල්ලේ අක්‍රියවී ඇති විදුලි සෝපාන දෙක අලුත් වැඩියා නොකිරීමට එරෙහිව මෙම වැඩවර්ජනය ආරම්භ කළ බවයි.
එම ගොඩනැගිල්ල දෛනිකව 3000කට අධික පිරිසක් භාවිත කරන බවද ඒ මහතා පවසනවා.
එහිදී චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේ, භාණ්ඩ සඳහාවූ සෝපානයද ක්‍රියාත්මක වන්නේ 5 වන මහල් දක්වා පමණක් බවත් එතැන් සිට තැපැල් භාණ්ඩ තැපැල් සේවකයින් රැගෙන යා යුතු බවයි.
එමෙන්ම වසර 25 ක් පමණ පැරණි අදාළ විදුලි සෝපානය නවීකරණයට මීට සතියකට පමණ ඉහතදී පෞද්ගලික ආයතනයකට ලබාදී ඇති බවද තැපැල්පති P. සත්කුමාර මහතා සඳහන් කළා.
කෙසේවෙතත් නිසි ප්‍රසම්පාදන කටයුතුවලින් අනතුරුව අදාළ සමාගමට විදුලි සෝපානය නවීකරණය ලබාදී ඇති බව තැපැල්පතිවරයා වැඩිදුරටත් කියා සිටියා.