දේශීය

අගමැති දිනේෂ් ජාතික භාෂා ලොක්කන් ගෙදර යවයි

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනයේ සභාපතිවරයා ඇතුළු සියලු සාමාජිකයන් ඉවත් කර තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයා අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් දැනුම්දී ඇත්තේ එම ආයතනයට නව කළමනාකරණ මණ්ඩලයක් පත් කිරීමට සැලසුම් කර ඇති බැවින් මෙම තීරණය ගත් බවයි.

ඒ අනුව, ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනයේ සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන් මහතාද , එහි සෙසු සාමාජිකයන් වන ආචාර්ය W.K කොළඹගේ මහතා, විදූර්සන් වින්සේන්ද්‍රරාජන් මහතා , N. G S. H. M. නවුෂාඩ් හා දිනුක් හෙට්ටිආරච්චි මහතා ධුරවලින් ඉවත් කර අති බවයි වාර්තාවන්නේ.

එසේම, එහි සාමාජිකයන්වූ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ අනුරාධ විජේකෝන් මහතා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිමාලි අනුෂා ජයකොඩි සහ මුදල් අමාත්‍යාංශයේ K.D.I.S.K සිරිවර්ධන මහතාද එම ධුරවලින් ඉවත් කර තිබෙනවා.

2007 අංක 26 දරන ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතන පනත යටතේ පැවැරී ඇති බලතල අනුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙම තීරණය ගෙන ඇති බවටයි වාර්තාවන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button