දේශීය

පාර්ලිමේන්තුවටත් බිත්තර නැහැ

බිත්තර හිඟය පාර්ලිමේන්තුවටත් තියෙනවා. සති දෙකකින් බිත්තර ගෙනත් නැහැ,” යැයි වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේදී ඊයේ (මාර්තු 23) ප්‍රකාශ කළා.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර විසින් බිත්තර සම්බන්ධව යොමු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වෙළෙඳ අමාත්‍යවරයා මේ බව පැවසුවා.

එහිදී අමාත්‍යවරයා පැවසුවේ

“වෙළෙඳ ඇමැති හැටියට පසුගිය මාස හය හත තුළ බිත්තර ප්‍රශ්නයක් තිබුණු බව අපි දැන ගත්තා. මේ ගැන සාකච්ඡා කළා. විශේෂයෙන් ම කෘෂිකර්ම ඇමති සහ ඒ ඒ ආයතන සමග එක්ව සාකච්ඡා කරමින් ඊට සහය ලබා ගත්තා. රටේ 40%ක බිත්තර හිඟයක් තිබෙන බව අපි දැනගත්තා. ඒ අතර විශාල පරිශ්‍රමයක් දැරුවා මම බිත්තරවලට පාලන මිලක් දාගන්න. ඒ වගේ ම කටු සහිත බිත්තර ආනයනය කළා. මෙහි පළමු තොගය අද කොළඹ වරායට ආවා. ළඟදී ම ජනතාවට බිත්තර ලබා දෙන්න පුළුවන්. මේ වෙලාවේ දියර බිත්තර ගැන කතා කරනවා. හැබැයි ලෝකෙ ඉහළ ම සමාගම් Srilankan Airlinesවල පවා කෑම හදන්න දියර බිත්තර එක පාවිච්චි කරනවා. මේ රටටත් ආනයනය කරන්න අවස්ථාවක් ගැන අපි කතා කළා. ඊට අවසර ගන්නවා. හැබැයි මේ පාර්ලිමේන්තුවෙත් බිත්තර නැහැ. දැන් සති දෙකක් තිස්සේ බිත්තර ගෙනත් නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button