විදෙස්
පැරිස් ජනතාව වීථි බසී.

ඉහළ යන ජීවන බරට එරෙහිව ප්‍රංශයේ පැරිස් අගනුවර දහස් ගණනක් ජනතාව වීථි බැස විරෝධතාවල නිරතවනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ වැටුප් වැඩි නොකිරීම, තෙල් මිල ඉහළ යාම හමුවේ භාණ්ඩ මිල ඉහළ ගොස් ඇති බවට පවසමින් මොවුන් විරෝධතාවල නිරතවන බවයි.
මෙම විරෝධතා සඳහා වාමාංශික පක්ෂ නායකයෙකු වන ජෝන් ලුක් සහ මේ වසරේ සාහිත්‍ය සඳහා වූ නොබෙල් ත්‍යාගලාභී ඇනී අර්නොක්ස් ද සහභාගිවී තිබෙනවා.
ඊයේ(16) පැවති රැළියට පමණක් 140,000 ක ජනතාවක් සහභාගි වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළා.
මේ වනවිට ප්‍රංශයේ ඉන්ධන හිඟයක් ද පවතින අතර, ඊට හේතු වී ඇත්තේ තෙල් සේවකයින් ආරම්භ කර ඇති වර්ජනයයි.
දිනෙන් දින වර්ධනය වෙමින් පවතින විරෝධතා ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ගේ පාලනයට දැඩි අභියෝගයක් එල්ල කරන බව ද විදෙස් වාර්තා සඳහන් කළා.