දේශීය
රනිල්ව ජනාධිපති කළාට අපේ නායකයා මහින්ද රාජපක්ෂ..! – SB

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා රනිල් වික්‍රමසිංහ නොව මහින්ද රාජපක්ෂ බව ර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක පවසනවා.
ඒ, ඊයේ (09) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින්.
ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇමරිකා එක්සත් ජනපදයට පක්ෂග්රාහී බවත් ඇමරිකාව අප සමග මිත්‍රශීලී නොමැති නමුත් රනිල් වික්‍රමසිංහ සමග ඉතාමත් මිත්‍රශීලී බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.
එබැවින් එම වාසිය භාවිතා කරන බවත් රනිල් වික්රමසිංහව ජනාධිපති ධුරයට පත් කළේ එම වාසිය අත්පත් කරගැනීම සඳහා බවත් එස්.බී.දිසානායක පවසනවා.
” රනිල් වික්‍රමසිංහට මේ වැඩේ අපිට වඩා හොඳින්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක වැඩ කරන්න පුලුවන් නිසා අපි බොහොම කැපවීමෙන් පරිත්‍යාගශීලීව ඔහු ගැන විශ්වාසය තියලා අපි ඔහුට බලය දුන්නා.”