දේශීය

අවදානම් රෝගී තත්ත්වයක් ගැන දැනුම්දීමක්

පසුගිය කාලය තුළ දිස්ත්‍රික්ක කිහිපයකින් සරම්ප රෝගීන් වැඩි වශයෙන් වාර්තාවූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

එහි ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහ​තා මේ බ​ව සඳහන් කළේ, අද (27) සෞඛ්‍ය අමත්‍යාංශයේ පැවැති හමුවකට එක්වෙමින්.

එහිදී ලේකම්වරයා සඳහන් කළේ, කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, නුවර, යාපනය, කුරුණෑගල සහ කල්මුණේ වන දිස්ක්‍රික්කවලින් එසේ සරම්ප රෝගීන් වාර්තාවූ බවයි.

එමෙන්ම සරම්ප රෝගය වැළක්වීම සඳහා විශේෂ වැඩසටහනක් ලෝක සෞඛ්‍ය සංවිධානය සමග එක්ව ක්‍රියාත්මක කරන බවද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වැඩිදුරට​ත් සඳහන් කළා.

ඒ අනුව, එම වැඩසටහන 2024 ජනවාරි 06 වනදා උදෑසන 09 සිට සවස 04 දක්වා ළඟම ඇති වෛද්‍ය සායනයක් මගින් මාස 6 – 9 අතර ළදරුවන්​ට සරම්​ප එන්නත් මාත්‍රාවක් ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button