දේශීය
කම්කරු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ සියලුම ප්‍රාදේශීය කාර්යාල හෙට (03) සිට සතියේ සෑම සිකුරාදා දිනකම වසා තැබෙන බව කම්කරු කොමසාරිස් ජනරාල් බී.කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසා තිබෙනවා.
පවතින සම්පත් හිඟය මත රාජ්‍ය වියදම අවම කිරීමට රාජ්‍ය ආයතනවල කාර්ය මණ්ඩලය කැඳවීම සීමා කිරීම සඳහා නිකුත් කළ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයට අනුව මෙම පියවර ගෙන ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.
ඒ අනුව අධ්‍යක්ෂ ජනරාල්වරයා සේවාලාභීන්ගෙන් ඉල්ලා සිටින්නේ සේවා ලබාගැනීම සඳහා සිකුරාදා ප්‍රධාන කාර්යාලය හෝ ප්‍රාදේශීය කාර්යාල වෙත පැමිණීමෙන් වළකින ලෙසයි.