විදෙස්
උතුරු කොරියාවේ මිසයිලය අසාර්ථක වෙයි

ඊයේ (16) දිනයේදී උතුරු කොරියාව විසින් මිසයිලයක් අත්හදා බැලීම සඳහා සිදුකළ දියත් කිරීමකදී එය අසාර්ථක වූ බව දකුණු කොරියානු හමුදාව පවසයි.
දකුණු කොරියාව සහ ඇමරිකාව එම මිසයිලය බැලැස්ටික් මිසයිලයක් ලෙස සැක කරන බවට පවසයි
බැලැස්ටික් මිසයිල සාමන්‍ය ව්‍යවහාරයේදී න්‍යශ්ටික මිසයිල ලෙස හඳුන්වන අතර එම මිසයිල කිලෝමීටර 5,500ක් වැනි දුරක් දක්වා ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව පවතී.
මෙම වසර තුල උතුරු කොරියාව විසින් මිසයිල අත්හදා බැලීම් 9ක් සිදු කර ඇති අතර ඒවා ඔවුන් විසින් අලුතෙන් නිපදවන ලද බැලැස්ටික් මිසයිලයේ අත්හදා බැලීම් විය හැකි බවටයි සැක කරන්නේ.
තවමත් උතුරු කොරියාව සතු න්‍යශ්ටික බලය පිළිබඳව නිවැරදි තොරතුරු නොමැති බැවින් මෙම අත්හදා බැලීම්වල බරපතලකම නිශ්චිතවම කිව නොහැක.