අදින් පසු ෆයිසර් නැහැ

කෙරෝනා සඳහා භාවිත කරන ෆයිසර් එන්නත් අද (01) සිට ජනතාවට ලබාගත නොහැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
ඒ මෙරටට ආනයනය කරන ලද ෆයිසර් එන්නත් ලක්ෂ 6ක් පමණ ඊයේ(31)කල් ඉකුත් වීම හේතුවෙන්.
වර්ධක මාත්‍රාව ලබාදීම සඳහා මෙම ෆයිසර් එන්නත් මෙරටට ගෙන්වූ අතර එම ප්‍රමාණයෙන් කොටසක් දෙවන වර්ධක මාත්‍රාව සඳහා ද භාවිතා කරනු ලැබුවා.
කෙසේ වෙතත් කොරෝනා රෝගයට ගොදුරු වීමේ ඉහළ අවධානමක් සහිත අවුරුදු 60ට වැඩි පුද්ගලයන් ලක්ෂ 27ක් පමණ සිටිය ද දෙවැනි වර්ධක මාත්‍රාව ලබාගෙන ඇත්තේ ලක්ෂ 2ක පමණ පිරිසක්.
කෙසේ වෙතත් මෙම ෆියිසර් එන්නත් කල් ඉකුත් වුව ද ඒවා කඩිනමින් විනාශ කිරීමට කටයුතු නො කරන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියා.
මේ අතර ඊයේ අලුතින් කොරෝනා ආසාදිතයින් 17 දෙනෙකු වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමෙන්තුව සඳහන් කළා.
ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව හය ලක්ෂ හැත්තෑ එක්දහස් හැත්තෑවක්.