දේශීය

මේ වසරේ අයි.එම්.එෆ් ණය නෑ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිතව ඇති ණය පහසුකම පිළිබඳව මේ වසර අවසන් වනවිට එකඟතාවයකට ළඟා වීම අවිනිශ්චිත බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.

ඒ, මෙරට මූල්‍ය අරමුදලේ නියෝජිතයින් ඒ සම්බන්ධයෙන් හුවමාරු කරගත් තොරතුරු උපුටා දක්වමින්.

මෙරට ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසර බව තහවුරු කිරීමට ඩොලර් බිලියන 2.9ක ණය පහසුකමක් ලබා ගැනීමට ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පසුගිය ජූනි මාසයේදී කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණ තිබුණා.

ඒ, මෙරට ප්‍රධාන ණය හිමියන් වන චීනය, ජපානය සහ ඉන්දියාව සමග ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණිය යුතුය යනාදී කොන්දේසි කිහිපයකට යටත්වයි.

නමුත් 2022 වසරේ ඉදිරි දින කිහිපය තුළ දී ශ්‍රී ලංකාවේ ණය පහසුකම පිළිබඳව සාකච්ඡා අවිනිශ්චිත බව රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබෙනවා.

රටවල් කිහිපයක් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දින දර්ශනයේ දෙසැම්බර් මස 22 වැනි දා තෙක් දින වෙන් කර තිබුණත් රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ, එහි ශ්‍රී ලංකාව ගැන කිසිඳු සඳහනක් නොමැති බවයි.

ද්වි පාර්ශවික ණය හිමියන්ගෙන් මූල්‍ය සහතික ලබාගැනීම සඳහා රජය යුහුසුළුව කටයුතු කරන බව ඊට ප්‍රතිචාර දක්වමින් මෙරට මුදල් අමත්‍යංශ නියෝජිතයින් ප්‍රකාශ කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button