NMRA ප්‍රධාන විධායක නිලධාරීවරයා තනතුරින් ඉවතට

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතා එම තනතුරෙන් ඉවත් කර තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජානක ශ්‍රි චන්ද්‍රගුප්ත මහතා සඳහන් කළේ, එහි අධ්‍යක්ෂ මණ්ඩලය ගත් තීරණයක් අනුව ඔහු ඉවත් කළ බවයි.
ඒ අනුව, වෛද්‍ය විජිත් ගුණසේකර මහතා සෞඛ්‍ය අමාත්‍යංශ සේවයට කැඳවූ බව ලේකම්වරයා සඳහන් කර තිබුණා.
ප්‍රමිතියෙන් තොර ඖෂධ ආනයනය සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා ,ප්‍රධාන විධයක නිලධාරියා ඇතුළු පාර්ශවයට පසුගිය කාලයේ දැඩි චෝදනා එල්ල වී තිබුණා.
ඒ අනුව, එහි සභාපතිවරයා පසුගියදා ඉවත් කළ අතර, එහි නව සභාපතිවරයා ලෙස පත් කෙරුණේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතායි.
කෙසේ වෙතත්, ඉන් අනතුරුවද ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළ විජිත් ගුණසේකර මහතා ආයතනයේ සංවේදී තොරතුරු ඇතුළත් ලියකියවිලි රැසක් විනාශ කළ බවට සෞඛ්‍ය වෘත්තිය සමිති චෝදනා එල්ල කර තිබුණා.
ඒ සම්බන්ධයෙන් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්ද කර තිබෙනවා.