දේශීය

නිමල් සිරිපාල​ට ශ්‍රීලනිපයේ ලොකු තනතුරක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩබලන සභාපතිවරයා ලෙස නිමල් සිරිපාලද සිල්වා මහතා පත්කර තිබෙනවා.

අද (08) උදෑසන එම පක්ෂයේ හිටපු සභාපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු ජ්‍යේෂ්ඨයින්ගේ ප්‍රධානත්වයෙන් දේශපාලන මණ්ඩලයේ හදිසි රැස්වීමක් පැවැත්වූ අතර, එහිදී එම තීරණය ගෙන තිබුණා.

කෙසේවෙතත් පක්ෂ ව්‍යවස්ථාවට අනුව දේශපාලන මණ්ඩල රැස්වීමක් කැඳවීමට, තීරණයක් ගැනීමට හෝ ඉල්ලීමක් කිරීමට කිසිදු අයිතිවාසිකමක් හෝ බලයක් නොමැති බව නිදහස් පක්ෂ ප්‍රධාන ලේකම් සාරතී දුෂ්මන්ත මිත්‍රපාල මහතා පවසනවා.

එවන් පසුබිමක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨ උප සභාපති නිමල් සිරිපාලද සිල්වා මහතා විසින් දේශපාලන රැස්වීමක් මෙලෙස කැඳවා තිබුණා.

Related;

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button