නිලන්ත ජයවර්ධන ශ්‍රේෂ්ඨාධිකරණයට

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය පිළිබඳව කලින් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් වලට අදාළ ව කරුණු දැක්වීම සඳහා රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ සිටිනවා.
අදාළ ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් නිලන්ත ජයවර්ධන මහතා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීන්දුකළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ වෙනුවෙන් රුපියල් මිලියන 75ක වන්දියක් ගෙවන ලෙසත් කලින් නියම කර තිබුණා.
නමුත් එම වන්දි මුදල සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කිරීමට අපොහොසත් වීම හේතුවෙන් ඔහුට එරෙහිව අධිකරණය විසින් කළ නියෝගය පරිදි නීතිපතිවරයා විසින් අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ගොනු කරනු ලැබුවා.
ඊට අදාළව කරුණු දැක්වීම සඳහා අද (07) දින අධිකරණයේ පෙනී සිටින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මීට පෙර නිකුත් කළ නොතීසියකට අනුව නිලන්ත ජයවර්ධන මහතා අධිකරණය හමුවට පැමිණ සිටිනවා.