දේශීය

නව කැළණි පාලම ජනතා අයිතියට (ඡායාරූප)

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධි තාක්ෂණික කේබල් මත ඉදි කල නව කැලණි පාළම ජනපති සහ අගමැති ප්‍රධානත්වයෙන් අද (24) ජනතා අයිතියට පත් කෙරුණා.

මෙම නව පාලම ‘කල්‍යාණි රන් පිවිසුම’ ලෙස නම් කර තිබෙනවා.

2014 වසරේ දී එහි මූලික වැඩ කටයුතු ආරම්භ වූයේ ජපන් අන්තර් ජාතික සහයෝගීතා ආයතනයේ මූල්‍ය දායකත්වය මතයි.

පාලමේ පළමු අදියර වන වානේ නිමවුම් පාලම් කොටස සඳහා රුපියල් මිලියන 31,539ක් වැය කර ඇති අතර දෙවන අදියර වන කොන්ක්‍රීට් එල්ලෙන පාලම් කොටස සඳහා රුපියල් මිලියන 9896ක් වැය කර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button