නවක බොලිවුඩ් නිළි අනන්‍යා පාන්ඩේටත් මත්ද්‍රව්‍ය චෝදනා

මත්ද්‍රව්‍ය භාවිත කළ බව කියන සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ පුත් ආර්යන් ඛාන් අත්අඩංගුවට ගෙන සති කිහිපයකට පසු ඉන්දියාවේ මත්ද්‍රව්‍ය විරෝධී ඒජන්සිය නවක බොලිවුඩ් නිළි අනන්‍යා පාණ්ඩේවද ප්‍රශ්න කිරීම් සඳහා කැඳවා තිබෙනවා.
කෙසේ වෙතත් ඇයගෙන් මෙලෙස ප්‍රශ්න කිරීම ආර්යන් ඛාන් අත්අඩංගුවට ගැනීම හා සෘජුවම සම්බන්ධ බවට මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය (NCB) පවසා නැහැ.
පිට පිට දෙවැනි දිනටත් පාණ්ඩේව මුම්බායි හි පිහිටි කාර්යාලයට කැඳවූයේ කුමක් සඳහා ද යන්න පැහැදිලි නැති බව මාධ්‍ය වාර්තාවල සඳහන් වනවා.
මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත තමන් කැඳවීම පිළිබඳ අනන්යා පාණ්ඩේ ද කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
මුම්බායි සිට ගෝවා දක්වා ගමන් කරමින් තිබූ නෞකාවක සාදයකට සහභාගී වූ ආර්යන් පසුගිය ඔක්තෝබර් 2 වන දා අත්අඩංගුවට පත්වුණා.
ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණේ ආර්යන්ට එරෙහිව නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම, පරිභෝජනය සහ විකිණීම සම්බන්ධ” නීති යටතේ චෝදනා ගොනු කරමින්.
ආර්යන්ගේ නීතිඥයන් ඔහු කිසිදු මත්ද්‍රව්‍යයක් පානය කළ බවට සාක්ෂි නැති බවටත් ඔහු ළඟ මත්ද්‍රව්‍ය කිසිවක් හමු නොවූ බවටත් තර්ක කරනු ලැබුව ද මුම්බායි හි අධිකරණය දෙවන වරටත් ඔහුගේ ඇප ප්‍රතික්ෂේප කරනු ලැබුවා.
ආර්යන් අත්අඩංගුවට ගැනීම සහ පාණ්ඩේ මත්ද්‍රව්‍ය කාර්යාංශයට කැඳවීම ඉන්දියාවේ මාධ්‍යවල ප්‍රධාන සිරස්තලයක් වී ඇත්තේ ඒ අනුවයි.
අනන්‍යා පාන්ඩේ යනු ප්‍රවීණ බොලිවුඩ් නළුවෙක් වන චන්කි පාණ්ඩේ මහතාගේ දියණියයි.