‘නීපා’ තවත් රටවලට පැතිරිලා

ඉන්දියාවෙන් ආරම්භ වුණු ‘නීපා’ වෛරසය, මේ වනවිට බංගලාදේශය, සිංගප්පූරුව සහ පිලිපීනය යන රටවලටත් ව්‍යාප්ත වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
‘නීපා’ වවුලන්ගෙන් සහ ඌරන්ගෙන් මනුෂ්‍යයන්ට ආසාදනය වී ඉන්පසු මනුෂ්‍යයන් අතරේ ව්‍යාප්ත වන වෛරසයක් බවත්, තද උණ, වමනය, ස්වසන ආසාදන මෙහි රෝග ලක්ෂණ බවත්, වෛද්‍යවරු ප්‍රකාශ කළා.
ඔවුන් වැඩිදුරටත් සදහන් කළේ, වෛරසය ආසාදනය වී රෝගී තත්ත්වය උත්සන්න වුවහොත් මොළයේ ඉදිමීමක් තෙක් එය වර්ධනය විය හැකි බවයි.
‘නීපා’ වෛරසය පළමුවෙන් හඳුනා ගැණුනේ 1999 වසරේ මැලේසියාවේ ඌරු ගොවිපොලකින් වන අතර, 1999 වසරෙන් පසු මේවනතුරු මැලේසියාවෙන් ‘නීපා’ ආසාදිතයන් හමුවී නැහැ.
පළමුවෙන් ඉන්දියාවේ ‘නීපා’ වෛරසය ආසාදිතයන් වාර්තා වූයේ කේරළ ප්‍රාන්තයෙන්.
මේ වනවිට කේරළයෙන් ආසාදිතයන් පස් දෙනකු හමුවී ඇති බවත්, වෛරසය ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් හඳුනා ගෙන ඔවුන්ටද වෛරසයආසාදනය වී ඇතැයිදැයි සෙවීමට පරීක්ෂණ සිදු කරන බවත්, කේරළ සෞඛ්‍ය බලධාරීන් පවසනවා.
‘නීපා’ ඉතා වේගයෙන් මනුෂ්‍යයන් අතරේ ව්‍යාප්ත වන වෛරසය බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබෙනවා.