ඡන්දෙට ගමට යන්න මන්ත්‍රීලා වාහන පර්මිට් ඉල්ලලා

පෙර නිකුත් කර ඇති තීරු බදු රහිත බලපත්‍ර එළැඹෙන ජනාධිපතිවරණයට පෙර ලබාදිය නොහැකි නම් අඩු මිලට වාහන බලපත්‍ර ලබා දෙන ලෙස ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් කථානායකවරයාගෙන් සහ රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා තිබෙනවා.
ඉදිරි මැතිවරණවලදී දේශපාලන කටයුතු සිදුකිරීමට වාහන නොමැතිවීම හේතුවෙන් ඇතිවී තිබෙන අභියෝගවලට මුහුණදීමේ අවශ්‍යතාවය මෙහිදී දේශපාලන පක්ෂ දෙකෙහිම මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු පාර්ලිමේන්තු නායකයින් හමුවේ අවධාරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ.
රටේ පවතින ආර්ථික තත්ත්වය හේතුවෙන් මෙම බලපත්‍ර නිකුත් කිරීම වසර නවයකට පමණ පෙර නතරවී ටිබුණා.
අවසන් වරට බලපත්‍ර නිකුත් කිරීම 2015 දී සිදු වී තිබෙන අතර මන්ත්‍රීවරුන් දිගින් දිගටම ඉල්ලීම් කළද රජය මේ පිළිබඳව තීරණයක් ගැනීමෙන් වැළකී තිබෙනවා.
ඒ අනුව නුදුරේදී ම මෙම කාරණාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේදී අවධානය යොමු කිරීමට මන්ත්‍රීවරුන් සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.
ඉදිරි මැතිවරණවල දී දේශපාලන කටයුතු සිදුකිරීමට වාහනයක් නොමැතිවීම හේතුවෙන් මතුව ඇති ගැටලු පිළිබඳව දේශපාලන පක්ෂ දෙකෙහිම මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති අතර ඔවුන් පෙන්වා දී ඇත්තේ, දැනට එකදු වාහනයක් හෝ නොමැති නවක මන්ත්‍රීවරුන් ද පාර්ලිමේන්තුවේ සිටින බවයි.
පසුගිය කාලය තුළ සෑම මන්ත්‍රීවරයෙකුට ම තීරුබදු රහිත වාහන බලපත්‍රයක් ලබාදී රුපියල් මිලියන 20කට ආසන්න වටිනාකමකින් යුත් වාහනයක් මිලදී ගැනීමට හැකි වූ නමුත්, රටේ ආර්ථික තත්ත්වය හේතුවෙන්, මෙම බලපත්‍ර නිකුත් කිරීම නවතා දමා තිබෙනවා.
කෙසේ නමුත් තීරුබදු රහිත වාහන බලපත්‍රයක් ලබා දෙන ලෙස මන්ත්‍රීවරුන් දිගින් දිගටම ඉල්ලීම් කළද රටේ ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගනිමින් රජය මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමෙන් වැළකී තිබෙනවා.