දේශීය

පියයුරු පිළිකාවෙන් මෙර​ට වසරකට 1000කට වැඩි පිරිසක් මරුට

වසරකට මෙරට කාන්තාවන් 1,095ක් පියයුරු පිළිකා හේතුවෙන් මරණයට පත්වන බව වෛද්‍ය ලංකා ජයසූරිය දිසානායක මහත්මිය පවසනවා.

වෛද්‍යවරිය සඳහන් කළේ, වසරකට මෙරට කාන්තාවන් 5,475 දෙනෙකු පියයුරු පිළිකාවට ගොදුරුවන බවයි.

වෛද්‍ය ලංකා ජයසූරිය දිසානායක මහත්මි​ය මේ බව හෙළි කළේ, ලෝක කාන්තා දිනය වෙනුවෙන් අද (07) මහනුවර පැවති උත්සවයකදීයි.

ඒ පිළිබඳව වෛද්‍යවරිය වැඩිදුරටත් දැක්වූ අදහස්,

මෙරට ජීවත් වන සෑම කාන්තාවන් 08 දෙනෙකුගෙන් එක් අයෙකුට පියයුරු පිළිකා වැළඳීමේ අවදානම තිබෙනවා. ඉතාමත් කනගාටුයි. මේ පියයුරු පිළිකා හේතුවෙන් අප රටේ කාන්තාවන් තිදෙනෙක් දිනකට මරණයට පත්වෙනවා. ඒ වගේම අප රටේ තවත් කාන්තාවන් 15  දෙනෙක් පියයුරු පිළිකා රෝගීන් වශයෙන් දිනකට හඳුනාගන්නවා. කාන්තාවක්වී ඉපදීමම පියයුරු පිළිකා අවදානමට ලක්වීමක්. ඇල්කොහොල්, දුම් පානය, මත්ද්‍රව්‍ය භාවිතය, ව්‍යායාම මදකම, වැරදි ආහාර පුරුදු වගේම ලේ ඥාතීන්ට පියයුරු පිළිකා තිබීමද මේ පිළිකා තත්ත්වය ඇතිවීමට හේතු වෙන්න පුළුවන්. හැබැයි මේ වනවිට වෛද්‍ය  පර්යේෂණ මගින් තහවුරු කොට තිබෙනවා. මව් කිරි ලබාදුන් කාන්තාවන්ට පියයුරු පිළිකා වැළඳීමේ අවදානම අවමයි කියලා.

එමෙන්ම කාන්තාවන්ට පමණක් නොව පුරුෂයන්ටද පියයුරු පිළිකා වැළඳෙන බව​ත් පියයුරු පිළිකා වැළදෙන අයගෙන් 1%ක් පමණ පුරුෂයන් බව​ට හඳුනාගෙන තිබෙන බ​ව වෛද්‍ය ලංකා ජයසූරිය දිසානායක මහත්මිය වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button