විදෙස්
චීනයේ එක් සතියක් තුළ මිලියන 100 කට අධික දුම්රිය ගමන් වාර සංඛ්‍යාවක්

පසුගිය දින 07 තුළ චීනයේ වාර්තාවී ඇති සමස්ත දුම්රිය ගමන් වාර සංඛ්‍යාව මිලියන 114 ක් බව, එරට රජයේ දුම්රිය සේවය පවසනවා.
සැප්තැම්බර් 29 වැනිදා සිට දින අටක මැද-සරත් උත්සව හා ජාතික දින නිවාඩුව හේතුවෙන් විශේෂ සංචාරක ගමනාගමන ආරම්භවූ අතර, දුම්රිය සේවා ආරක්ෂිතව සහ ක්‍රමවත්ව පවත්වාගෙන යන බව එම නිවේදනයේ වාර්තා කරනවා.
ප්‍රවාහන ඉල්ලුම සපුරාලීම සඳහා දුම්රිය 11,679 ක් සේවයේ යොදවා තිබෙන අතර නිවාඩුවෙන් පසු යළි ජනතාව ගම්බිම් හා රාජකාරි ස්ථාන කරා යාමේදී ඉහළ ගමන් වාර සංඛ්‍යාවක් ඔක්තෝබර් 5, 6 දෙදින යළිත් වාර්තාවනු ඇති බවද දුම්රිය සේවා පිළිබඳ නිවේදනයේ සඳහන්වනවා.