දේශීය

මයික්‍රොසොෆ්ට් ආයතනයේ අලුත්වූ යතුරුපුවරුව

මයික්‍රොසොෆ්ට් ආයතනය තම පරිගණක යතුරුපුවරුව ආන්දෝලනාත්මක වෙනසකට ලක් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ , කෘත්‍රීම බුද්ධි හෙවත් AI Key එකක් හඳුන්වාදීමත් සමගයි.

දශක තුනකට පසු මයික්‍රොසොෆ්ට් ආයතනය සිය යතුරු පුවරුව වෙනස් කිරීමද විශේෂත්වයක්.

මෙම නව AI Key එක භාවිතා කරමින් Windows 11 පරිගණකවල කෘත්‍රිම බුද්ධි මෘදුකාංගය මෙවලම වන Copilot වෙත පිවිසීමට පරිශීලකයින්ට අවකාශය හිමිවනවා.

මයික්‍රෝසොෆ්ට් ආයතනය පවසන්නේ, මෙහිදී තොරතුරු සෙවීම, ඊමේල් ලිවීම සහ රූප නිර්මාණය කිරීම වැනි කාර්යයන් සඳහා Copilot උපකාරී වන බවයි.

මෙම නව යතුරු පුවරුව පෙබරවාරි මාසයේ සිට වෙළඳපොළ වෙත නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව, මයික්‍රොසොෆ්ට් සමාගමේ විධායක උප සභාපති යුසුෆ් මහ​තා අවධාරණය කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button