දේශීය

වෛද්‍ය ශිෂ්‍යයින් විරෝධතාවයේ

වෛද්‍ය පීඨ සිසුන්ගේ විරෝධතා පාගමනක් හේතුවෙන් මරදාන ඩීන්ස් පාර රථවාහන ගමනාගමනය සඳහා තාවකාලිකව වසාදැමීමට පියවර ගෙන තිබෙනවා.

මරදාන පොලීසිය අසල සිට සෞඛ්‍ය අමාත්‍යංශය දක්වා මෙම විරෝධතා පාගමන සංවිධානය කර තිබුණා.

කෙසේවෙතත්, ඩීන්ස් පාර වසා දැමීම හේතුවෙන් එම සිසුන් මරදාන පොලීසිය අසල සිට විරෝධතාවයේ නිරත වන බව වාර්තා වනවා.

සබරගමුව වෛද්‍ය පීඨයේ මහාචාර්ය ඒකක ගොඩනැගිල්ල කඩිනමින් ආරම්භ කිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුන් මෙම විරෝධතා පාගමන සංවිධානය කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button