පෙළ පොත් දිනපතා පාසල් ගෙන ඒම අවම කිරීමටත් පියවර

පාසල් දරුවන්ගේ පොත් බෑගයේ බර අඩු කිරීමේ එක් පියවරක් ලෙස තෝරා ගත් පෙළ පොත් කාණ්ඩ වශයෙන් මුද්‍රණය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ඊට අමතරව තවත් විකල්පයක් ලෙස සිසුන් සඳහා සකස් කර ඇති ‘වැඩ පොත්’ හැරුණු විට අනෙකුත් පෙළ පොත් පාසලට ගෙන ඒම අවම කිරීමට විදුහල්පතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ ගත යුතු පියවර දන්වමින් අධ්‍යාපන ලේකම් වසන්තා පෙරේරා මහත්මිය උපදෙස් මාලාවක්ද පාසල් වෙත යොමු කර තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍යාංශය මෙම තීරණය ගෙන ඇත්තේ, පාසල් පොත් බෑගයේ බර වැඩි වීම නිසා පාසල් සිසුන්ගේ කොඳු ඇට පෙළේ ආබාධ වැනි විවිධ ශාරීරික අපහසුතා ඇති විය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පෙන්වාදීමත් සමඟයි.
එහිදී සිසුන් වෙත දී ඇති පෙළ පොත් ආරක්ෂික ලෙස පන්ති කාමරයේ තබා යෑමට අවස්ථාව සලසා දීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කිරීම, සෑම විෂයකටම අදාළ පෙළ පොත් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ ඇතුළත් කර ඇති නිසා හැකි සෑම අවස්ථාවකදීම පෙළ පොත්වල මෘදු පිටපත් භාවිත කිරීමට පියවර ගැනීම යනාදි ලෙස විකල්ප ක්‍රමද පාසල් බෑගයේ බර අඩු කිරීමට යෝජනාවී තිබෙනවා.