අද සිට වෘත්තීය සමිති රැසක් අඛණ්ඩ වැඩ වර්ජනයේ

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පෙන්වා දෙන්නේ ප්‍රචණ්ඩත්වයට අනුබල දැක්වීම පිළිබදව රජය වෙත දැඩි අප්‍රසාදය පළකිරීම සඳහා අද (10) දිනයේ සිට නැවත දැනුම් දෙනතුරු සියලු රාජකාරීවලින් ඉවත්වී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සිදුකරන බවය.
මේ අතර රටේ පවත්නා අස්ථාවරභාවය ස්ථාවර තත්ත්වයට ගෙන ඒමට කටයුතු කරන ලෙස බලකරමින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේනවා.
තවද වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය පවසා තිබෙන්නේ අද දිනයේ සිට සමස්ත සෞඛ්‍ය සේවාවම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවයි.
එහි ජාතික සංවිධායක රවී කුමුදේශ් මහතා සඳහන් කර තිබෙන්නේ, සෞඛ්‍ය සේවාවේ අත්‍යවශ්‍ය සේවා පමණක් පවත්වාගෙන යාමට කටයුතු කරන බවය.
විදුලි වෘත්තීය සමිති ද අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතව සිටින බව විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා සඳහන් කර තිබෙනවා.
ගුරු විදුහල්පති වෘත්තීය සමිති ද වැඩ වර්ජනයක නිරත වී සිටින බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කර තිබෙනවා.