දේශීය
මත්ද්‍රව්‍ය නිවාරණයට ප්‍රජා පාදක වැඩසටහන් රැසක් අරඹයි

දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 300ක් ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය නිවාරණ නිලධාරියෙකු බැගින් යෙදවීමට පියවර ගෙන ඇති බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසනවා.
එහි සභාපති ශාඛ්‍ය නානායක්කාර මහතා සඳහන් කළේ මෙම වැඩපිළිවෙළ මගින් මත්ද්‍රව්‍ය නිවාරණ කටයුතු සාර්ථක කරගැනීමේ හැකියාව පවතින බවයි.
ශාඛ්‍ය නානායක්කාර මහතා පවසන්නේ, මත්ද්‍රව්‍ය භාවිතයට හුරුවී ඇති පුද්ගලයින් සඳහා ප්‍රදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ප්‍රජා පාදක වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වන බවයි.
ඒ අනුව මත්ද්‍රව්‍ය වැඩි වශයෙන් සැරිසරන ප්‍රදේශ අධීක්ෂණ කිරීම සඳහා වෙනම පොලිස් නිලධාරීන් යෙදවීමටද සැලසුම් කර තිබෙන බවයි වාර්තාවන්නේ.