දේශීය

“අරමුදල් අහිමි වුණා” ඇත්තටම අපි පුදුම අවාසනාවන්ත මන්ත්‍රිවරුන් පිරිසක් – චින්තක අමල්

ශ්‍රී ලංකා පාර්ලමේන්තුව නියෝජනය කරපු මන්ත්‍රිවරන්ගෙන් අවාසනාවන්තම මන්ත්‍රිවරුන් කණ්ඩායම අපි කියලා කියුවොත් එක වරදක් නැහැ යැයි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි චින්තක අමල් මායාදුන්න මහතා පවසනවා .

ඒකට හේතුව තමා මේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුට ලැබෙන විමධ්‍ය ගත අරමුදල් අපිට අහිමි විම.

ඒ මුදල් යොදවලා විවිධ සංවර්ධන කටයුතු රැසක් කරන්න පාර්ලිමේන්තුව නියෝජනය කරපු මන්ත්‍රිවරුන්ට අවස්ථාව හිමිව තිබුණා.

අපි පාර්ලිමේන්තුවට ගියා දා ඉදලාම සිදුවුනේ විවිධ අවාසනාවන්ත සිදුවිම්. ඒ අතර කෝවිඩ් වසංගත් සමග ආර්ථිකය කඩා වැටුනා.

ඒ ආර්ථික තත්වය ඇතුළු කරුණු රැසක් මත අපිට එම අරමුදල් අහිමි වුණා. ඇත්තටම අපි පුදුම අවාසනාවන්ත මන්ත්‍රිවරුන් පිරිසක් ලෙසයි මා දකින්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button