විදෙස්
ඇමරිකාවෙන් යුක්රේනයට පොකුරු බෝම්බ සහිත දිගු දුර මිසයිල

යුක්රේනයට පොකුරු බෝම්බ සහිත දිගු දුර මිසයිල යැවීමට ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ගේ අනුමැතිය කඩිමින් ලැබෙනු ඇති බව විදෙස් වාර්තා ප්‍රකාශ කළා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එම පොකුරු බෝම්බ සහිත කිලෝමීටර 306 ක දුරක් දක්වා එල්ල කළ හැකි යුද උපායික මිසයිල පද්ධති හෝ බහු රොකට් පද්ධති ඉදිරියේදී යුක්රේනයට නැව් ගත කෙරෙනු ඇති බවයි.
පොකුරු බෝම්බ භාවිතය රටවල් 100 කට වඩා තහනම් කර ඇති නමුත්, ඇමරිකාව, රුසියාව සහ යුක්රේනය අදාළ සම්මුතියට අත්සන් තබා නැති බවයි වාර්තා වන්නේ.