දේශීය
අනුර, සජිත් වගේ පොඩි ළමයින්ට රටක් ගෙනියන්න බැහැ – වජිර

අනුර, සජිත් වැනි පොඩි ළමයි රටක් කරන්නට හැකියාවක් ඇති අය නොවන හෙයින් ඒ සියලු දෙනා ජනපතිගේ ගමන සමග එකතු විය යුතුව ඇති බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා.
ඔහු සඳහන් කළේ, රටේ පාලනයට දායක වූ කිසිම දේශපාලන පක්ෂයකට රට ණය උගුලක හිර කිරීමේ චෝදනාවෙන් නිදහස් වන්නට නොහැකි බවත් අනුර ගත් ණයත් දැන් රනිල් විසින් ගෙවමින් සිටින බවයි.
වජිර අබේවර්ධන මහතා මේ බව කියා සිටියේ, පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීයි.
ජනතා විමුක්ති පෙරමුණත් රට පාලනයට දායක වූ පක්ෂයක් බවත් ඒ පාලනයේදී ගත් ණයත් දැන් රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගෙවමින් සිටින බව වජිර අබේවර්ධන මහතා පවසනවා.
ඔවුන් ඇමතිකම් කරන සමයේ ලෝකයෙන් ලබා ගත් වැරදි සහගත ණය මෙලෙස ගෙවමින් සිටින්නේ යැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.