“මිහිදන් නොවූ මිනිසා” කෘතිය එළිදැක්වීම කොළඹදී

ශ්‍රී ලංකා යුධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරී බ්‍රිගේඩියර් රන්ජන් විජේදාස විසින් රචිත “මිහිදන් නොවූ මිනිසා” නමැති ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය ශ්‍රී ලංකා යුධ හමුදා සන්නාහ සන්නද්ධ බලකා කඳවුරු උත්සව ශාලාවේදී ඊයේ (28) පැවැත්වුණා.
ඒ, ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්නගේ ප්‍රධානත්වයෙන්.
මෙම ග්‍රන්ථයේ පළමු පිටපත බ්‍රිගේඩියර් විජේදාස විසින් මෙහිදී ආරක්ෂක ලේකම්වරයා වෙත පිළිගැන්වූ අතර, පැමිණි සිටි ආරාධිත අමුත්තන් වෙත කෘති පිළිගැන්වීම සිදුවුණේ ඉන් අනතුරුවයි.
මෙහි ප්‍රධාන දේශනය සිදු කරනු ලැබුවේ, හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්.ඒ විජේවර්ධන මහතා විසින්.
බ්‍රිගේඩියර් රන්ජන් විජේදාස, 2005 වර්ෂයේ ශ්‍රී ලංකා අණ හා මාණ්ඩලික විද්‍යාලයීය උපාධිය ඇති අතර, තම සේවා කාලය තුළ අණදෙන නිලධාරි තනතුරු, මෙහෙයුම් අධ්‍යක්ෂක මණ්ඩල තනතුරු, උපදේශක නිලධාරී තනතුරු මෙන්ම යුධ හමුදා පුහුණු අධ්‍යක්ෂක යන තනතුරුවල රාජකාරි සිදුකර තිබෙනවා.
මෙම අවස්ථාවට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර සී. විජේගුණරත්න, විද්වතුන්, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්, කලාකරුවන් ඇතුළු ආරාධිත පිරිසක් ද එක්ව සිටියා.