දේශීය

රාජ්‍ය සේවකයින්ට KPI

රාජ්‍ය ආයතනවල කාර්ය සාධනය මැනීමට ප්‍රධාන කාර්ය දර්ශක (KPIs / Key Performance Indicators) හදුන්වා දීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නාමල් රාජපක්ෂ මහතාගේ සභාපතීත්වයෙන් පසුගියදා පැවති ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ දී ප්‍රමුඛතා හඳුනාගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටුවේදී තීරණය වුණා.

රාජ්‍ය යාන්ත්‍රණය වඩාත් ඵලදායි සහ කාර්යක්ෂම කිරීම සදහා රාජ්‍ය ආයතන සහ රාජ්‍ය නිලධාරීන්ගේ ප්‍රගතිය සමාලෝචනය සදහා මිනුම් දඩු සකස් කිරීමේ අවශ්‍යතාව කමිටුවේදී අවධාරණය කළා.

මේ අනුව පරිපාලන සේවය ඇතුළු අනෙකුත් දීපව්‍යාප්ත සියලු සේවාවන් එක්වී මේ පිළිබඳව ඉදිරි සතියේ සාකච්ඡා කර ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ කටයුතු ඇරඹීමට ද මෙහිදී තීරණය වුණා.

රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය නියෝජනය කරමින් නිලධාරීන් ද මෙම අවස්ථාවට සහභාගි වූ අතර රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි, වජිර අබේවර්ධන සහ සාගර කාරියවසම් යන මහත්ම මහත්මීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button